Quiz
- (x+y) . (x+z) බූලියානු ප්රකාශනය සරල කළ විට .................................................. ලැබේ.
ඉහත හිස්තැන පිරවීම සදහා වඩාත් ම යෝග්‍ය පිළිතුර කුමක් ද?- x
- x . (y+z)
- x . y. z
- x+y.z
- x+y+z
- පහත දක්වා ඇති පරිපථයේ ප්‍රතිදානය(Q) නිරූපණය කරනු ලබන්නේ පහත දී ඇ ති කුමන බූලියානු ප්රකාශනයෙන් ද?
A හා B යනු ආදානයන් වේ.- A'.B' + A.B'
- A'.B' + A.B
- A.B + A'.B'
- A'.B + A.B'
- A'.B + A'.B'
- ක්‍රියාකරවීම (execution) අතරතුරදී දත්ත හා උපදෙස් දරා ගනිමින් ක්ෂද්ර සකසනයේ (microprocessor) කොටසක් ලෙස පවතින, අධිවේගී තාවකාලික ආචයනයක් (high speed temporary storage) ................................................................... ලෙස හැදින්වේ . ඉහත හිස්තැන පිරවීම සදහා වඩාත්ම යෝග්‍ය පීළිතුර කුමක් ද?
- රෙජිස්තර
- RAM
- අතත්‍ය මතකය (Virtual Memory)
- EPROM
- සැනෙලි මතකය (Flash Memory)
- ක්ෂද්ර සකසන සාමාන්යෙන් සසදනු ලබන්නේ .................................. වලින් මනින ලබන ඝටිකා වේගයෙන් (clock speed) හෝ ඒක ඝටිකා චක්‍රයකදී (single clock cycle) සකසා ගත හැකි පදයේ ප්‍රමාණය (word size) ..................... මගිනි.
ඉහත හිස්තැන පිරවීම සදහා වඩාත්ම යෝග්‍ය පීළිතුර කුමක් ද?- බිටු , මෙගාහර් ට්ස්
- බයිට , ගිගාහර් ට්ස්
- ගිගාහර් ට්ස් , බයිට
- මෙගාහර් ට්ස් , බිටු
- තත්පර , බිටු
- නිහිත මතකය (cache memory) සාමාන්‍යෙයන් භාවිත කරනු ලබන්නේ .................................................. ගබඩා කිරීමට ය.
ඉහත හිස්තැන පිරවීම සදහා වඩාත්ම යෝග්‍ය පීළිතුර කුමක් ද?- විශාල දත්ත පරිමාවක් තාවකාලිකව
- අවම නිරන්තරයෙන් (least frequently) ප්‍රවේශ කරනු ලබන දත්ත ස්ථීරව
- අවම නිරන්තරයෙන් (least frequently) ප්‍රවේශ කරනු ලබන දත්ත තාවකාලිකව
- වැඩිම නිරන්තරයෙන් (most frequently)ප්‍රවේශ කරනු ලබන දත්ත තාවකාලිකව
- වැඩිම නිරන්තරයෙන් (most frequently) ප්‍රවේශ කරනු ලබන දත්ත ස්ථීරව
- සන්දර්භ ස්විචය (context switching) භාවිතා කරමින් ව්‍යාවහාරික ක්‍රමලේඛ (application programs) ගණනක් අතර එකම ක්ෂද්ර සකසනය බෙදාහදා ගැනීම (sharing) ..................... ලෙස හැදින්වේ.
ඉහත හිස්තැන පිරවීම සදහා වඩාත්ම යෝග්‍ය පීළිතුර කුමක් ද?- බහු පරිශීලක සැකැස්ම (Multi-user processing)
- බහු කාර් ය කිරීම (Multitasking)
- බහු සැකසුම (Multiprocessing)
- කාණ්ඩ සැකසුම (Batch processing)
- මාර් ගගත සැකසුම (Online processing)
- බැබේජ්ගේ "Difference යන්ත්‍රය" පාදක වී ඇත්තේ ......................... මත ය.
ඉහත හිස්තැන පිරවීම සදහා වඩාත්ම යෝග්‍ය පිළිතුර කුමක් ද?- යාන්ත්‍රික තාක්ෂණය
- රික්තක නල තාක්ෂණය
- ට්‍රාන්සිස්ටර තාක්ෂණය
- අනුකලිත පරිපථ (IC) තාක්ෂණය
- ඉතා විශාලපරිමාණයේ අනුකලිත පරිපථ (VLSI) තාක්ෂණය
- ක්ෂද්ර සැකසුම් ඒකකයට (Microprocessor) බාහිරව පිහිටා ඇත්තේ පහත දක්වා ඇති කුමන සංරචකය ද?
- අංක ගණිත තර් ක ඒකකය (ALU)
- RAM
- පාලන ඒකකය (Control Unit)
- රෙජිස්තර (Registers)
- පළමු මට්ටමේ නිහිත මතකය (Level 1 cache memory)
- a,b,c හා d යන බූලියානු විචල්‍ය හතරක බූලියානු ශ්‍රිතයක් නිරෑපණය කිරීම සදහා පහත පෙන්වා ඇති කානෝ අනුරෑපිත සැලැස්ම (Karnaugh Map Layout) අතුරින් නිවැරදි නොවන්නේ කුමන සැලැස්ම ද?
- පහත දක්වා ඇති පයිතන් ක්‍රමලේඛනයේ ප්‍රතිදානය කුමක් ද?
s = "Nimal Perera"
print (s[1:3])- Ni
- im
- ra
- er
- pe
- මුලින් අඩංගු දෑ මකා නොදමමින් නව දත්ත, ගොනුවේ අගට එකතු කළ හැකි පරිද්දෙන් "output.txt" නමින් හැදින්වෙන ගොනුවක් විවෘත කිරීමට භාවිත කළ හැකි පයිතන් වගන්තිය වන්නේ පහත සදහන් කවරක් ද?
- open = infile ("output.txt","r")
- infile = open ("output.txt","r")
- infile = open ("output.txt","a")
- open = infile ("output.txt","a")
- infile = open ("output.txt","w")
- පහත පයිතන් වගන්තිය සලකන්න.
a = "123"
b = 123
c = [ 'a', 2, (1,2,3) ]
a , b සහ c විචල්‍යවල දත්ත ප්‍රරූප පිළිවෙළින් කවරේ ද?- ලැයිස්තුව (List) , නිඛිල (Integer) , තන්තුව (String)
- තන්තුව (String) , නිඛිල (Integer) , ලැයිස්තුව (List)
- නිඛිල (Integer) , නිඛිල (Integer) , ලැයිස්තුව (List)
- තන්තුව (String) , තන්තුව (String) , තන්තුව (String)
- තන්තුව (String) , ඉපිලීම (Float) , දත්ත පාදක සටහන (Tuple)
- 6
- 4 2
- 2 4 6
- 4 2 0
- 0
- පහත සදහන් දෑ අතුරින් වලංගු නොවන පයිතන් හදුන්වනය (identifier) කුමක් ද?
- _name
- Name
- Name_
- 6Name
- _6_names
- පහත සදහන් පයිතන් ක්‍රමලේඛනය සලකන්න.
a = [1, 2]
b = [3, 4]
c = a + b
print (c)
මෙහි ප්රතිදාතය කුමක් ද?- [4, 6]
- 10
- [1, 2, 3, 4]
- [[1,2],[3,4]]
- [1,2] + [3, 4]
- 10 - 3* 2 + 2.0 යන පයිතන් ප්රකාශනය ක්‍රියාත්මක කළවිට ලැබෙන අගය කුමක් ද?
- 16
- 16.0
- 6
- 6.0
- 28
- පහත සදහන් දෑ අතුරින් කාරක රීතියානුකූලව නිවැරදි පයිතන් ක්‍රමලේඛනයක් වන්නේ කුමක් ද?
- 0
- 5
- 4
- 10
- 15
- දශමය 25 ට තුල්‍ය ද්විමය සංඛ්‍යාව වනුයේ
- 0100101
- 0100111
- 0011001
- 0010110
- 0010111
- අෂ්ඨමය 124 + අෂ්ඨමය 165 =
- අෂ්ඨමය 201
- දශමය 289
- අෂ්ඨමය 289
- අෂ්ඨමය 311
- අෂ්ඨමය 389
- ව්‍යාපාරයකට සම්බන්ධ පහත දැක්වෙන උපලක්ෂණ (attributes) සලකන්න.
A - සේවා සැපයුමේ වේගය
B - මිල දි ගැනීම සහ බෙදා හැරීම
C - යැවුණු භාණ්ඩවල ආරක්ෂාව
D - ඉල්ලුම් කරන ලද අයිතමවල ගුණාත්භාවය පිළිබද විස්වාසනීයභාවය (confidence)
e ව්‍යාපාරවල දී අවාසි /අවාසියක් වන්නේ ඉහත සදහන් දෑ අතුරින්- A පමණි
- C පමණි
- A හා B පමණි
- C හා D පමණි
- A,B,C හා D යන සියල්ලම
- පාසලක විවධ ක්‍රීඩා සදහා ශිෂ්‍ය සහභාගිත්වය නිරෑපණය කිරීමට වඩාත්ම යෝග්‍ය භූතාර් ථ සම්බන්ධතා රූප සටහන (ER diagram) වන්නේ පහත සදහන් දෑ අතුරින් කවරක් ද?
- විශේෂඥ පද්ධතියක් (Expert System) ලෙස සැලකිය හැක්කේ පහත සදහන් කවරක් ද?
- බැංකු ටෙලර් යන්ත්‍රයක්
- පූර්ණ ස්වයංක්‍රීය රෙදි සෝදන යන්ත්‍රයක්
- මයික්‍රොවේව් උදුනක්
- සුව සේවාවක රෝග විනිශ්චය කිරීමේ පද්ධතියක්
- ඉලෙක්ටෝනික රැධිර පීඩන මාපකයක්
- ක්‍රමලේඛයක අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය සලකා බැලෙන පරීක්ෂණ උපක්‍රමය (testing strategy) වන්නේ කවරක් ද?
- කාල මංජුසා පරීක්ෂණය (Black box testing)
- ශ්වේත මංජුසා පරීක්ෂණය (White box testing)
- අනුකලන පරීක්ෂණය (Integration testing)
- පිළිගැනුම පරීක්ෂණය (Acceptance testing)
- ඒකක පරීක්ෂණය (Unit testing)
- පහත සදහන් තොරතුරු පද්ධති සංවර් ධන ආකෘතිවලින් ඉතාම කෙටිම සහ රේඛිය සංවර්ධන ක්‍රියාවලියක් ඇත්තේ කුමකට ද?
- දිය ඇළි ආකෘතිය
- වස්තු නැඹුරු ආකෘතිය (object oriented)
- සර් පිලාකාර ආකෘතිය
- වර් ධනාත්මක සංවර්ධන ආකෘතිය (Incremental)
- ශීඝ්‍ර (Rapid) යෙදුම් සංවර්ධන ආකෘතිය
- සම්බන්ධක දත්ත සමුදායක් (Relational Database) පිළිබදව සත්‍ය වාක්‍ය පහත සදහන් කවරක් ද?
- විකල්ප යතුරුවල (Alternate keys) ඕනෑම උපකුලකයක් අපේක්ෂක යතුර (Candidate Key) ලෙස හැදින්වේ.
- ප්‍රාථමික යතුර (Primary Key)තෝරා ගනු ලබන්නේ විකල්ප යතුරු අතරින් ය.
- ආගන්තුක යතුර (Foreign Key) යනු විකල්ප යතුරකි.
- සැමවිටම සංයෝජන යතුරක් (Compound Key) සාදා ගැනීමට ප්‍රාථමික හා ආගන්තුක යතුරු සංයුක්ත කෙරේ.
- වගු දෙකක් අතර සම්බන්ධතාවය ප්‍රාථමික හා ආගන්තුක යතුරු මගින් සිදු කරයි.
- පහත දක්වා ඇති ගැලීම් සටහන (DFD සලකන්න.
ඉහත දත්ත ගැලීම් සටහනේ A,B3 සහ C2 මගින් නිරූපණය වන්නේ පිළිවෙළින්- ක්‍රියාවලියක් , බාහිර භූතාර්ථයක් සහ දත්ත ගබඩාවකි
- බාහිර භූතාර්ථයක්, ක්‍රියාවලියක් සහ දත්ත ගබඩාවකි
- බාහිර භූතාර්ථයක් , දත්ත ගබඩාවක් සහ ක්‍රියාවලියකි
- දත්ත ගබඩාවක් , ක්‍රියාවලියක් සහ බාහිර භූතාර්ථයක්
- දත්ත ගබඩාවක් , බාහිර භූතාර්ථයක් සහ ක්‍රියාවලියකි
- මිනිස් සිරුරක අඩංගු පහත සදහන් පද්ධති සලකන්න
A - ශ්වසන පද්ධතිය
B - ආහාර ජීරණ පද්ධතිය
C - ස්නායු පද්ධතිය
D - රුධිර සංසරණ පද්ධතිය
සංවෘත පද්ධතිය වන්නේ කුමන ඒවා ද?- A හා B පමණි.
- A හා C පමණි.
- B හා C පමණි.
- B හා D පමණි.
- C හා D පමණි.
- පද්ධතියක කාර් යබද්ධ නොවන අවශ්‍යතාවයක් වඩා හොදින් විස්තර කරනු ලබන්නේ පහත සදහන් කුමන වගන්තිය ද?
- පරිශිලකයකුට ඉලෙක්ට්‍රෝනික රුධිර පීඩන මාපක යන්ත්‍රයක් භාවිතයෙන් රුධිර පිඩනය මැන ගත හැකි විය යුතු විම
- ක්ෂද්ර තරංග උදුනක (Microwave) උෂ්ණත්වය 400 C ට වඩා වැඩි නොවිය යුතු වීම
- ඉලෙක්ට්‍රොනික ගණක යන්ත්‍රයකට දෙන ලද ධන නිඛිලයක වර් ගමූලය ගණනය කළහැකි විය යුතු වීම
- බැංකුවක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකට ATM කඩ්පතක වලංගුතාව පරීක්ෂා කිරීමට හැකි විය යුතු වීම
- අන්තර්ජාල බැංකු පද්ධතියක් එහි ගණුදෙණුකරුවන්ට ශේෂ පිරික්සුම් පහසුකම ලබා දිය යුතු වීම
- දත්ත හා තොරතුරු සම්බන්ධයෙන් පහත සදහන් කවර වගන්තියක් සත්‍ය වන්නේ ද?
- තීරණයක් ගැනීම සිදු කළ හැක්කේ අතිමහත් වූ දත්ත ප්‍රමාණයක් පවතින විට ම පමණි
- තොරතුරු වල වලංගුතාව , දත්ත වල නිරවද්‍යතාව මත රදා පවතී.
- දත්ත සැකසුමෙන් ලබා ගන්නා තොරතුරු සැමවිට ම නිරවද්‍ය වේ.
- තොරතුරු ලබා ගැනීම සදහා බහු ප්‍රභව මගින් දත්ත එකතු කළ යුතු වේ.
- තොරතුරු වල නිරවද්‍යතාව රදා පවතිනුයේ ආදාන දත්ත වල නිරවද්‍යතාව මත පමණි.
- පහත සදහන් ශීල්පීය ක්‍රම සලක්නන .
A - පරිගණක සහායිත ඉගෙනුම (Computer Aided Learning - CAL)
B - පරිගණක පාදක ඉගෙනුම (Computer Based Learning - CBL)
C - පරිගණක පාදක ඇගයීම (Computer Based Assesment - CBA)
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පාදක ඉගෙනුම් හා ඉගැන්වීම් වලදී ඉහත දක්වා ඇති කුමන ශීල්පීය ක්‍රම භාවිත වන්නේ ද?- A පමණි.
- B පමණි.
- A හා B පමණි.
- B හා C පමණි.
- A,B හා C සියල්ලම ය.
- ආයතනයක් සේවකයන්ගේ මාසික වැටුප් විස්තර ජනනය කිරීම උදාහරණයක් වන්නේ,
- කාණ්ඩ සැකසුම (Batch processing) සදහා ය
- තත්යකාල සැකසුම (Real time processing) සදහා ය.
- මාර්ගගත සැකසුම (Online processing) සදහා ය.
- ගණුදෙණු සැකසුම (Transaction processing) සදහා ය.
- අන්තර් ක්‍රියා සැකසුම (Interactive processing) සදහා ය.
- ස්ථීරාංග (Firmware) පිළිබදව පහත දැක්වෙන වගන්ති සලකන්න.
A - පරිගණකයක් ක්‍රියාකරවීම ආරම්භ කිරීම (bootup) සදහා අවශ්‍ය ක්‍රමලේඛය ස්ථීරාංගයක් වේ.
B - රෙදි සෝදන යන්ත්‍රවල ස්ථීරාංග ඇතුළත් වේ .
C - ස්ථීරාංග පසු කලක දී පහසුවෙන් වෙනස් කළ හැකි වේ.
ඉහත වගන්ති අතුරින් කවරක් නිවැරදි වන්නේ ද?- A පමණි.
- B පමණි.
- A හා B පමණි.
- A හා C පමණි.
- B හා C පමණි.
- පහත දක්වා ඇති සංරචක සලකන්න.
A - වෙබ් කතෘ මෙවලම් (Web authoring tool)
B - වසම් නාමය (Domain name)
C - වෙබ් පිටු (Web pages)
D -වෙබ් සේවාදායකය (Web server)
වෙබ් අඩවියක් සංග්‍රාහක කිරීමට (hosting) අත්‍යාවශ්‍ය වන්නේ ඉහත සදහන් කවර සංරචක ද?- A හා B පමණි.
- B හා C පමණි.
- A,B හා C පමණි.
- A,C හා D පමණි.
- B,C හා D පමණි.
- පිටුවක ශීර් ෂය (heading) විදහු (render) කිරීමට භාවිතා කරන්නේ පහත සදහන් කුමන උසුලනය (tag) ද?
- h2
- ol
- ul
- hr
- td
- තොරතුරු හවුලේ භාවිතය (sharing) සදහා නව සලකුණු භාෂාවක් (markup language) නිර් වචනය කිරීම සදහා පහත සදහන් කවරක් භාවිත කළ හැකි ද?
- CSS
- XML
- HTML
- XHTML
- JavaScript
- HTML උසුලන (tags) සම්බන්ධයෙන් පහත දක්වා ඇති වගන්ති වලින් නිවැරදි කුමක් ද?
- br යොදා ගනු ලබන්නේ පාඨවලට text පෙර හා පසු හිස් පේළියක් (blank line) විදහු කිරීමට ය.
- p යොදා ගනු ලබන්නේ පාඨවලට පෙර හා පසු හිස් පේළියක් විදහු කිරීමට ය.
- br යොදා ගනු ලබන්නේ පාඨවලට පෙර හිස් පේළියක් විදහු කිරීමට ය.
- p යොදා ගනු ලබන්නේ පාඨවලට පෙර හිස් පේළියක් විදහු කිරීමට පමණි.
- p යොදා ගනු ලබන්නේ පාඨවලට පසු හිස් පේළියක් විදහු කිරීමට පමණි.
- පහත සදහන් HTML කේත ඛණ්ඩ සලකන්න:
වෙබ් පිටුවක 'song,mp3' නමින් වූ ශ්‍රව්‍ය ගොනුව (audio file) ඇතුළත් කිරීමට ඉහත දක්වා ඇති කේත ඛණ්ඩ වලින් භාවිත කළ හැකි වන්නේ- A පමණි.
- B පමණි.
- C පමණි.
- A හා B පමණි.
- B හා C පමණි.
- අන්තර් ජාල සන්නිවේදනයේ දී නියෝජන සේවාදායකයක (PROXY server) ප්‍රධාන කාර් ය වන්නේ කුමක් ද?
- IP ලිපින පවරාගෙන මුදා හැරීම.
- වසම් නාම IP ලිපින වලට පරිවර් තනය කිරීම.
- ජාලය වයිරස් වලින් ආරක්ෂා කර ගැනීම.
- පරිශීලකයන්ට මුද්‍රණ සේවා සැපයීම.
- පරිගණක කිහිපයක් අතර අන්තර් ජාල සම්බන්ධතාව හවුලේ භාවිත කිරීම
- ආයතනයකට 255.255.255.0 ලෙස ඇති උප ජාල ආවරණයක්(subnet mask) සහිත C පන්තියේ IP ලිපින පරාසයක් වෙන්කර දී තිබේ .මෙම ආයතනයට වෙබ් සේවාදායකයක් හා විද්‍යුත් තැපැල් සේවාදායකයක් ස්ථාපිත කර ගත යුතුව ඇත්නම් මෙම සේවාදායක දෙක සදහා වෙන් කළ හැකි IP ලිපින මොනවා ද?
- 192.248.87.2 , 192.248.32.3
- 192.248.87.4 , 192.248.87.5
- 192.248.32.3 , 192.248.33.3
- 192.248.40.2 , 192.248.41.3
- 192.248.87.1 , 192.248.60.2
- සන්නිවේදන ජාල වල දී ISDN මගින් දැක්වෙන්නේ
- Integrated Service Domain Name
- Internet Service Directory Name
- Intergrated Service Digital Network
- Internet Service Digital Network
- Intergrated Service Domain Network
- OSI සමුද්දේශ ආකෘතියේ දී ජාලයක ඇති පරිගණක දෙකක් අතර සන්නිවේදනයේ දී ඇතිවන වැරදි සොයා ගැනුම (detect) .............................. කාර්යයයක් වන්නේය.ඉහත හිස්තැන පිරවීමට වඩාත්ම යෝග්‍ය පිළිතුර කුමක් ද?
- භෞතික ස්ථරයෙහි
- දත්ත සම්බන්ධක ස්ථරයෙහි
- ජාල ස්ථරයෙහි
- ප්‍රවාහන ස්ථරයෙහි
- යෙදුම් ස්ථරයෙහි
- ජාලයක් හරහා දුරස්ථ පරිගණකයකට පුරන්න (login) යාමේදී භාවිත කළ යුතු විධානය වන්නේ කුමක් ද?
- ipconfig
- ftp
- telnet
- tracert
- route
- IP ලිපින 72.110.0.0 (උප ජාල ආවරණය 255.255.0.0) සහ 192.248.10.0. ( උප ජාල ආවරණය 255.255.255.0 ) ලෙස ඇති භෞතික ජාල දෙකක් සම්බන්ධ කිරීමට යොදා ගත හැක්කේ පහත දක්වා ඇති කවර උපක්‍රමය ද?
- නාභිය (Hub)
- රිපීටරය (Repeater)
- ස්විචය (Switch)
- මංහසුරුව (Router)
- බහුපථකාරකය (Multiplexer)
- සම්බන්ධක දත්ත සමුදා(relational database) සම්බන්ධයෙන් පහත දී ඇති වගන්ති සලකන්න
A - දත්ත සමුදායක ආකෘතියක සම්බන්ධතාවල තීරු පටිපාටිය වෙනස් කිරිම , යෙදුම් ක්‍රමලේඛ තුළ වෙනස්කම් ඇති කිරීමට මූලික අවශ්‍යතාවයක් නොවේ.
B - දත්ත සමුදාවල ප්රමතකරණයේ ප්‍රධාන අරමුණු වන්නේ දත්ත සාරික්තතාව (redundancy) අඩු කිරීම යි.
C - දත්ත සමුදායට නව දත්ත එකතු කරන සෑම අවස්ථාවකදීම පවතින ක්‍රමලේඛ වෙනස් කිරීමට සිදු වෙයි.
පහත සදහන් දෑ අතුරින් නිවැරදි කුමක් ද?- A පමණි.
- Bපමණි.
- A හා B පමණි.
- A හා C පමණි.
- A , B හා C සියල්ලම ය.
- සර් වවර් ති ආගණනය (Ubiquitous Computing) යනු ................................ ආගණන පරිසරයකි. මෙහි දී පරිශීලකයාට ................................ හා ............................. සේවා දෙකම ලබා ගත හැකි ය.
ඉහත වගන්තියේ හිස්තැන් පිරවීම සදහා වඩාත් ම යෝග්‍ය වචන අනුපිළිවෙළ කවරක් ද?- සැමතැනකම පවතින , ජංගම , ස්ථානීය
- සැමතැනකම පවතින , ස්ථානීය , දුරස්ථ
- සැමතැනකම පවතින , ස්ථානීය , ගෙවීම් කළ
- අතථ්‍ය , ස්ථානීය , දුරස්ථ
- අතථ්‍ය , ජංගම , ගෝලීය
- දශමය - 6 හි දෙකෙහි අනුපූරකය (Two' s Compliment) කුමක් ද?
- 11111010
- 00000110
- 11111001
- 01011111
- 00000101
- පහත සම්බන්ධතා දෙක සලකන්න;
student(stdNo,name)
courseMarks(courseId,stdNo,marks)
ඉහත සම්බන්ධතා සම්බන්ධයෙන් පහත දක්වා ඇති SQL (Structured Query Language) වගන්ති වලින් වාග් රීතී වලට අනුකූලව නිවැරදි කුමක් ද?- select stdNo,marks from student,courseMarks
- select * from student and courseMarks
- select s.stdNo and c.marks from student s,courseMarks c
- select student.stdNo,courseMarks.marks from student,courseMarks
where student.stdNo = courseMarks.stdNo - select student.stdNo and courseMarks.marks from student and courseMarks
where student.stdNo = courseMarks.stdNo
No comments:
Post a Comment